සිනමාවේදී දයා විමලවීරයන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන සිනමාවේදී සහ චිත්‍රපට කැමරා ශිල්පි දයා විමලවීර ඊයේ (12) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයන විට ඔහු 81 වැනි වියේ පසුවිය.
සිංහල සිනමාවේ පුරෝගාමියකු වූ සිරිසේන විමලවීරගේ පුත්‍රයා වන දයා විමලවීරයන් අධ්‍යක්ෂණය කර ඇති චිත්‍රපට සංඛ්‍යාව 13 ක්. විදුරු ගෙවල් ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය යි. ඒ 1972 දී යි.
සුජාතා(1994), රජ දරුවෝ (1992), ජීවන කඳුළු (1979), මිදුම් සිහින (1982),දෙව්දුව (1986), චායා (1993), බඹසර බිසව් (1993), සීතල ගිනිකඳු(2002) ඔහු අධ්‍යක්ෂණය කළ සිනමාපට අතුරින් කිහිපයකි.
දයා විමලවීරයන්ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා නැදිමාල, ඇන්ඩර්සන් පාරේ පිහිටි නිවසේ තැම්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (14) පස්වරුවේ නැදිමාල නිසල උයනේ දී සිදු කෙරෙනු ඇත.