සමාජ සංක්‍රාන්තිය සඳහා කලාව- මෙවර සිනමා දැක්මට “ඇන්ටෝනියාස් ලයින්”
ජාතික සංස්කෘතික පුනර්ජීවනය උදෙසා වන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ක්‍රියාත්මක කරන “සමාජ සංක්‍රාන්තිය සඳහා කලාව” ව්‍යාපෘතිය යටතේ මෙවර මාසික සිනමා කතිකාව සඳහා ගෙන එන්නේ සම්මානනීය සිනමාවේදිනියක වන “Marleen Gorris” අධ්‍යක්ෂණය කළ “ඇන්ටෝනියාස් ලයින්” චිත්‍රපටය යි.
එම වැඩසටහන අගෝස්තු 20 වැනි අඟහරුවාදා පස්වරු 4 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාමර අංක 5 දී පැවැත්වේ.
එදින විශේෂ දෙසුම හා සංවාදය කුමාරි වෙලගෙදර මුලිකත්වයෙන් සිදුකෙරේ. වැඩසටහන මෙහෙයවීම සුදත් මහදිවුල්වැව විසිනි.
මෙම චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කරන අතර නුතනත්වය විසින් අප කැඳවාගෙන යන අර්බුදය ජයගන්නට බෙදීම, පාලනය කිරීම, පරාජය කිරීම, තරගය වෙනුවට වැළඳ ගැනීම, එක්වීම, සාමුහිකත්වය, ආදරය දිනවන කලාපය පිළිබඳ සාකච්ඡාවට ඔබටත් ආරාධනා!