මේ දිනවල ඉන්දියාවේ ලැව් ගින්නක් වගේ ජනප්රියත්වය පැතිරයන ගීතයක් තමයි ජනවාරි මස 25 වන දින තිරගත වූ Kaabil කියන චිත්රපටයට ඇතුලත් වුණේ.
රිතික් රොෂාන් තමා ප්රධාන චරිතය නිරුපනය කරන්නේ.
මෙම ගීතයේ රූපරාමු වලට අතිශය ජනප්රිය සුරූපී උර්වෂි රෝටෙලා තමා පෙනී සිටින්නේ.
පායල් දේව් සමග රෆ්තාර් ගායනයෙන් එකතුවෙන අතරේ නව සංගීත නිර්මාණය ගෞරව් රෝෂින් විසින් තමා කරලා තියෙන්නේ. නව පද වැල් කුමාර් විසින් නිර්මාණය කරලා තියනවා.
පැරණි ගීතය අපි කවුරුත් දන්නා අමිතාබ් බච්චන් රඟපාන ලද 1981 තිරගත වෙච්ච vv චිත්රපටයට තමා ඇතුලත් වුණේ.
අන්ජාන් කියන පදවැල් රචකයාගේ පද වලට රිතික් රොෂාන් ගේ මාම කෙනෙකුත් වෙන රාජේශ් රොෂාන් තමා සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ගායනය කිෂෝර් කුමාර් විසින් කරලා තියනවා.
පැරණි ගීතයත් නව ගීතයත් අතර තියන ප්රධාන වෙනස තමා පැරණි ගීතය පිරිමි චරිතයක් මුල් කරගෙන නිර්මාණය වුවත් නව නිර්මාණය කාන්තා නිරුපනයක් මුලික වීම. නව ගීතය T-Series සංගීත ආයතනට හිමි වන අතරේ දැනට යු ටියුබ් මිලියන පනහකට වඩා වැඩි ප්රමාණයක් නරඹලා තියනවා.