“ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන” උළෙලේ ජයග්‍රාහකයන් මෙන්න
21 වැනි “ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන” උළෙල ඊයේ (5) දින පස්වරුවේ කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි.
2018 වසරේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශයට පත් කළ කෘති එහිදී ඇගයීමට ලක් කෙරුණි.
ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවන් මෙසේ ය,
හොඳම තීරු ලිපි කෘතිය - “මානිගේ තීරුව 3” වෙනුවෙන් සුන්දර නිහතමානී ද මැල්
හොඳම යොවුන් නවකතා කෘතිය - “අලි ඩෝලේ” වෙනුවෙන් මහින්ද කුමාර දළුපොත
හොඳම කාව්‍ය කෘතිය - “ක්ෂණ නියාම” වෙනුවෙන් නන්දන වීරසිංහ
හොඳම කාව්‍ය කෘතිය (නවක දායකත්වය) – “කැෆ්කියානු වංකගිරියක” වෙනුවෙන් සනත් බාලසුරිය
හොඳම කෙටිකතා කෘතිය - “ස්වර්ණකාය” වෙනුවෙන් ප්‍රභාත් ජයසිංහ
හොඳම කෙටිකතා කෘතිය (නවක දායකත්වය) – “රෝස මුසැන්ඩාස් පිස්සුව” වෙනුවෙන් සුසන්ත මුණමල්පෙ
නවකතා කෘතිය - 'රතු පළස' වෙනුවෙන් එරික් ඉලයප්පාරච්චි
හොඳම නවකතා කෘතිය (නවක දායකත්වය) - 'මකරානන්දය' වෙනුවෙන් විරාජිනී තෙන්නකෝන්
හොඳම පරිවර්තන කෘතිය (සම සම්මාන) - 'සුළි සුළඟ' වෙනුවෙන් ලාංගනී ප්‍රනාන්දු අබේධීර හා 'ඔර්ලොව් දියමන්ති ශාපය' වෙනුවෙන් පුශ්ප රංජන් විජේසිංහ
හොඳම දමිළ පරිවර්තන කෘතිය - “தாரா ஷியாமலீ குமாரசுவாமி” වෙනුවෙන් අනූෂා සිවලිංගම් (නිස්සංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව”)
හොඳම ශාස්ත්‍රීය කෘතිය - “සිංහල අකුරු පුරාණය” වෙනුවෙන් සඳගෝමි කෝපරහේවා
හොඳම ඉංග්‍රීසි නවකතා කෘතිය - “Every Journey Ends” වෙනුවෙන් අයතුරෙයි සාන්තන්
හොඳම ඉංග්‍රීසි කෙටිකතා කෘතිය - “Dream Catchers” වෙනුවෙන් කාංචනා ප්‍රියකාන්ත
හොඳම ඉංග්‍රීසි කාව්‍ය කෘතිය - “Bherunda” වෙනුවෙන් ලක්ෂානි විල්ලාරච්චි