ජීවන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය “ජීවා” මුහුරත් උළෙල
ප්‍රවීන රංගන ශිල්පී ජීවන් කුමාරණතුංගගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “ජීවා” හි වැඩ කටයුතු අරඹමින් එහි මුහුරත් උළෙල පසුගියදා කොළඹ කිංග්ස්බර්ග් හෝටලයේ දී පැවැත්වුණි.
එම අවස්ථාවට මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, සංගීතා වීරරත්න ඇතුළු කලා ක්ෂේත්රයේ ප්රවීනයින් පිරිසක් එක්ව සිටියහ.
අසාධාරණයට අයුක්තියට එරෙහිව නැගී සිටින සටන්කාමී වීරයකුගේ චරිතයක් වටා ගෙතී ඇති, පවුලේ කතා තේමාවක් රැගත් මෙම සිනමාපටයේ ජීවන් කුමාරණතුංග, සංගීතා වීරරත්න, කැලුම් ආර්යන්, මීනා කුමාරි, ක්ලීටස් මෙන්ඩිස්, ධර්ශන් ධර්මරාජ්, සරත් දික්කුඹුර, කුමාර රණපුර, ගයාන් මාපලගම, ආනන්ද අතුකෝරාල, රෝහිත ඩයස් ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙති.
තිසුල දීප තඹවිට කැමරා අධ්‍යක්ෂණයෙන් ද, චන්දන එදිරිසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද, ධනුෂ්ක හුලංගමුව අංගරචනයෙන් ද, සරත් සමරවික්‍රම කලා අධ්‍යක්ෂණයෙන් ද, වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද, සුනිල් ධර්මසේන සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සුසන්ත කැලුම්ප්‍රිය නිෂ්පාදන කළමනාකරණයෙන් ද, කැලුම් ආර්යන් තිර රචනයෙන් ද එක්වන “ජීවා” තිකෝ ෆිල්ම් නිෂ්පාදනය කි.
ඡායා : උපුටා ගැන්මකි
https://mirrorarts.lk/news/5760-jeea-a-190908#sigProId22f0b366e1