නිදහස් කලා සන්ධානයෙන් කෙටි චිත්රපට තරගයක්
නිදහස් කලා සන්ධානය විසින් සංවිධාන කරන ‘කෙටි චිත්රපට තරගය 2019’ සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.
වීඩියෝ කැමරා සහ ජංගම දුරකතන කාණ්ඩ දෙකට අදාලව විවෘත සහ තරුණ ලෙසින් අංශ 4ක් යටතේ තරගය පැවැත්වේ.
ඒ අනුව, වීඩියෝ කැමරා කාණ්ඩයෙන් ඉදිරිපත් කෙරෙන නිර්මාණ ඕනෑම වර්ගයක වීඩියෝ කැමරාවකින් රූගත කිරීම් කළ හැකි අතර එය උපරිම විනාඩි 5ක කාලයකට සීමා විය යුතු ය. ඕනෑම වර්ගයක ජංගම දුරකතනයකින් පමණක් රූගත කෙරෙන නිර්මාණ ජංගම දුරකතන කාණ්ඩය යටතේ ඉදිරිපත් කළ හැකි අතර උපරිම කාල සීමාව විනාඩි 3 කි.
එම කාණ්ඩ දෙක යටතේ අවුරුදු 25 ට වැඩි නිර්මාණකරුවන් විවෘත අංශයෙන් ද වයස අවුරුදු 18-25 නිර්මාණකරුවන් තරුණ අංශයෙන් ද තරගය සඳහා අයදුම් කළ යුතු වේ.
අයදුම්පත් බාරගන්නා අවසන් දිනය සැප්තැම්බර් 10 වන අතර නිර්මාණ බාර ගන්නා අවසන් දිනය වන්නේ සැප්තැම්බර් 30 වැනිදා ය. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්යුත් ලිපිනයට අදාළ අයදුම්පත්රය සමඟින් ජීව දත්ත පත්රය යොමු කළ යුතු වේ.
තරගයේ ජයග්රාහකයන් සඳහා ස්වර්ණ සම්මාන හතරක් සහ රජත සම්මාන හතරක් පිරිනැමෙන බවත් පිටරට සංචාර සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමෙන බවත් සංවිධායකයෝ දැනුම් දෙති.
වැඩිවිස්තර සඳහා : 070 3063030(සරත් ධර්මසිරි), 0777 307795(ධර්මානන්ද විජේසිංහ), 07777 67851( සුමිත් රෝහණ), 071 8198705 (ධම්ම දිසානායක) 077 4032176(අජිත් ලොකුගේ), 071 8080439(සමන් චන්ද්රරත්න)