ප්රසන්නගේ “ගාඩි” බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලට
කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිම වුණු ප්රසන්න විතානගේගේ නවතම සිනමාපටය “ගාඩි” හි ලෝක මංගල දැක්ම 24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී සිදු කිරීමට නියමිත ය.
ඒ අනුව චිත්රපටය ප්රදර්ශනය කෙරෙන්නේ ඔක්තෝබර් 8 වැනිදා ය.
බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල ඔක්තෝබර් 3 වැනිදා සිට 12 වැනිදා දක්වා දකුණු කොරියාවේ බූසාන් හි දී පැවැත්වෙන අතර රටවල් 85 ක් නියෝජනය කරමින් සිනමාපට 303 ක් එහිදී ප්රදර්ශනය කරනු ලැබේ.
“ගාඩි” යනු ප්රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය යි. එහි ප්රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි.
ශ්රී ලංකා, ඉන්දියා සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ මෙම සිනමාපටය ළඟදීම මෙරට තුළ ප්රදර්ශනය කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.