"Wild Sri Lanka" මෙවරත් වසරේ වනජීවි ඡායාරූපශිල්පියා තෝරයි
"Wild Sri Lanka" මිතුරු සමාජය මඟින් දෙවන වරටත් සංවිධානය කරන, වසරේ වනජීවි ඡායාරූපශිල්පියා තරගාවලියේ, 2019 වසර සදහා ඡායාරූප බාරගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
වයස අවුරුදු 16 ට වඩා වැඩි සියලුම ලාංකිකයන් සදහා මෙම තරඟය විවෘත වන අතර, ඒ සදහා කිසිදු අය කිරීමක් සිදු නොකරයි.
මේ සදහා සියලුම ඉදිරිපත් කිරීම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත විද්‍යුත් තැපෑල මඟින් යොමු කළ යුතු අතර, එක් අයකුට ඡායාරූප තුනක් ඉදිරිපත් කළ හැකිය.
සියලුම ජයග්‍රාහකයින් සදහා වටිනා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමට බලාපොරොත්තු වන අතර, අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණය හිමිකරගත් ප්‍රවීන විනිසුරු මඩුල්ලක් මේ සදහා සහයෝගය ලබාදෙයි.
නූතන වනජීවි ඡායාරූපකරණය මගින්, වනජීවින්ගේ සුන්දර හැසිරීම් රටා සමාජ ගත කිරීමට දක්වන මැදිහත්වීම අති මහත් ය. ජෛව විවිධත්වය අතින් අනූන දිවයිනක ජීවත් වන අපට, වනජීවී සුන්දරත්වය විදීමට වටිනා වරප්‍රසාදයක් ලැබී ඇත.
මෙම " වසරේ වනජීවි ඡායාරූපශිල්පියා" තරගාවලිය මගින් ආධුනික ප්‍රවීන වෙනසක් නැතිව සියල්ලන් සදහාම සිය අත්දැකීම් බෙදා ගැනීමට වටිනා වේදිකාවක් සකසා දී තිබේ. තවද, Wild Sri Lanka කමිටුවේ ප්‍රධාන සංවිධායක ලක්ෂිත කරුණාරත්න විසින්, ඔහුගේ වටිනා දැනුම සහ අත්දැකීම් ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තු වන අතර, ඒ සදහා වැඩමුළු කිහිපයක්ද මෙම තරගාවලියට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙයට අදාල සියලුම අමතර තොරතුරු 0719443226 (දමිත්), 077330 1135 (චමල්) සහ 077292 3966( භානු) යන දුරකතන අංක හරහා ඔබට ලබාගත හැකිය.
උපුටා ගැන්ම : සහන් කසීර වික්‍රමසිංහ ෆේස්බුක් ගිණුමෙන්