මෙවර ස්වර්ණ පුස්තක සම්මානය කපිල කුමාර කාලිංගගේ “අදිසි නදිය”ට
සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමිවුයේ කපිල කුමාර කාලිංග විසින් රචිත “අදිසි නදිය” කෘතියට යි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 13 වැනි වරට සංවිධාන කළ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඊයේ (15) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණි.
එහි අවසන් වටය සඳහා නිර්දේශ ලත් බටුවන්ගල රාහුල හිමි “ගුම්”, කත්‍යානා අමරසිංහගේ “ධරණී", දීප්ති මංගලා රාජපක්ෂගේ “අව පෑළවිය”, ශමෙල් ජයකොඩිගේ “වීනස්ගේ උපත” යන කෘති සඳහා ද එහිදී සම්මාන ඵලක හිමිවිය.
ඡායා: Peter Jerome Thisarana Perera