සුමිත්‍රා රාහුබද්ධගේ “තම්මැන්නා” කවරයේ කතන්දරේ
ප්‍රවීන ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ ලියූ අලුත්ම නවකතාවේ නම “තම්මැන්නා” යි. නුදුරේදීම සහෘද ගත කිරීමට සුදානම් වන මෙම කෘතියේ පිට වැස්ම තඹ පැහැය මතුව පෙනෙන, නාරි මිනිස් සිත්තමකින් වර්ණවත් වී ඇත.
මේ පිටකවරය චන්ද්‍රා මල්ලවාරච්චිගේ නිර්මාණයකි. ඇය ගැන කතුවරිය සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තැබුවා ය.
“තම්මැන්නා නවකතාවේ පිටවැසුම සිත්තම ඇන්දේ චන්ද්‍රා මල්ලවාරච්චිය ඇය අපුර්ව ප්‍රතිභාවකින් යුතු කිවිඳියකි. ඇගේ චිත්‍ර කලා හැකියාව විස්මිතය. ඇය මුර්ති ශිල්පිනියකද වෙයි. ඇගේ බස මුවහත්ය.
බොහෝ කාලයක සිට ඕස්ට්‍රේලියාවේ වාසය කරන මේ අපුර්ව ගැහැනිය සිංහල භාෂාවටත්, සිංහල සාහිත්‍යටත් මවක දරුවකු කෙරෙහි දක්වන ආදරයකින් මෙන් බැදී සිටියි.
මා ඇයට දී ඇති නම අපූර්වාය.
ඇය ගැන තවත් දෙයක් කියන්නට තිබේ. ඇය මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ විරාගය ඇසුරින් කරන ලද විරාගය චිත්‍රපටියේ නිෂ්පදකවරියය. අපූර්වා, තම්මැන්නා වෙනුවෙන් මේ පිටවැස්ම නිර්මාණය කර දුන්නාට තම්මැන්නා වෙනුවෙන් ඔබට තුති පුදමි.”