“කොට්ට බබා” අද හතට තැප්‍රෝබේන් එයි
“අරවා නෑ, මේවා නෑ, ෆිල්ම් කරන්න අමාරුයි, ප්‍රොඩියුසර්ස්ලා නෑ, කියලා වැඩක් නෑ, කාට බලන්න ද මෙව්වා, තාක්ෂණේ නෑ, බෙල්ට් එකක් නෑ, තියටර් වල පෝළිම් දානවා, බෙදා අරින්න මොකෙක් වත් නෑ, වානරයො වාරණය කරනවා, ෆිල්ම් ඇඳවල් යට පුස්කනවා, තනි ඇහැට ඇඬෙනවා, නෑ, බෑ, අරකයි, මේකයි, අහවල් එකයි, අනිත්තෙකයි; එක්ස්පීරියන්ස් කරලා, අහලා, දැකලා, හිතලා, බලලා, තිත්ත වුණා. ඔය ඔක්කෝම කතාවලට හුකහං කියලා Boයි මායි සෙට් වෙලා ෆිල්ම් එකක් කළා! ඒක අපි දෙතුන් දෙනෙක් ඇරෙන්න වෙන මෙලෝ මළයකෙක්වත් තාම බලලා නෑ. අඩුම ගාණේ රඟපාපු අනිත් උංවත් බලලා නෑ.
උපුල් ශාන්ත සන්නස්ගල නොහොත්, අපේ සහෘද සන්නා, රෝයල් තැප්‍රොබේනියන් එකේ මේ දවස්වල වෙන්ඩපකීර්පොත්පකාසකයන්ගේ සංගං එක්ක "ජාත්‍යන්තර" සංග්‍රාමයක් කරනවා. ඒ සංග්‍රාමයට බර පංතියේ සැලියුට් එකක් දෙන ගමන්, අපි තීරණය කළා අපේ පළවෙනි ෆීචර් ෆිල්ම් එක කිසිම දෙයක් සෙන්සර් නොකර පළවෙනි පාරට එතන පෙන්නන්න.
හා හා පුරා කියලා ඇස් ලොකු කරං බලන්න එන්න කැමති උං; කොට්ට හපාගෙන, බබ්බු හදාගෙන, පාරෙ යන ඇන්ටිලා වඩාගෙන, අනුන්ගේ තාත්තලා කරේ තියාගෙන, කොටු මකාගෙන, තොල් උල්කරගෙන, දුම් දමාගෙන, විනය තකාගෙන;
"කොට්ට බබා"
බලන්න හෙට (22 ඉරිදා) විජේරාමේ රෝයල් තැප්‍රොබේනියන් එකට හවස 7 වෙද්දි එන්න.
ෆිල්ම් එක හරියටම 7ට පටන් ගන්නවා!
කලින්ම ආවොත් තැප්‍රොබේනියන් පොත් පලසෙන්, 70%ක වෙනකම් විතර ඩිස්කවුන්ට්ටෙක්ක හිතේ හැටියට පොත් සෙට්ට්කකුත් අරගෙන, හවස ෆිල්ම් එක බලලා, චැටක් දාලා ආතල්ලෙකේ ගෙදර යන්න පුළුවන්.
සවස 7 සිට ෆිල්ම් එක ඉවර වෙනකම්, බලන උංගෙ ආතල් කැඩෙන්නැතිවෙන්න තැප්‍රොබේන් එකේ දොරවල් වහනවා. ඒ නිසා කලින් එන එක කෝකටත් හොඳයි!