71 වැනි ප්‍රයිම්ටයිම් එමී සම්මාන උළෙලේ විශිෂ්ටතම ටෙලිමාලාව ලෙස HBO නාලිකාව ඔස්සේ විකාශය වූ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලිය සම්මානයෙන් පිදුම් ලැබී ය.
උළෙල 23 ඉරිදා රාත්‍රියේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.
ඇමරිකා එක්සත් ජනපදයේ විශිෂ්ටතම ටෙලි නිර්මාණ,වැඩසටහන් සහ නිර්මාණ ශිල්පීන් ඇගයීම උදෙසා එරට රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමිය(ATAS) විසින් එමී සම්මාන උළෙල වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබයි.
ඇඳුම් නිර්මාණය, ආලෝකකරණය, ශබ්ද නිර්මාණය වැනි අංශවලට අදාලව තිරය පිටුපස විශිෂ්ට නිර්මාණ ශිල්පින් ඇගයීම උදෙසා පසුගිය සතියේ දී පැවැත්වුණු සම්මාන උළෙලේ දිගුවක් ලෙස මෙම සතියේ සම්මාන උළෙල පැවැත්වුණි.
ඒ අනුව මෙහි දී වැඩි අවධානයක් යොමු වුයේ ප්‍රධාන කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමීම උදෙසා ය. එනම්, රංගන ශිල්පින්, රංගන ශිල්පිනියන්, ටෙලි නාටක සහ ප්‍රහසන නාටක සඳහා ය.
ඒ අනුව 71 වැනි ප්‍රයිම්ටයිම් එමී සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් මෙසේ ය,
ටෙලි මාලා
විශිෂ්ටතම ටෙලිමාලාව : ගේම් ඔෆ් ත්‍රෝන්ස්
විශිෂ්ටතම රංගන ශිල්පියා : බිලී පොටර් - පෝස්
විශිෂ්ටතම රංගන ශිල්පිනිය : ජෝඩි කොමෙර් - කිලින්ග් ඊව්
විශිෂ්ටතම සහය රංගන ශිල්පියා : පීටර් ඩින්ක්ලේජ්- ගේම් ඔෆ් ත්‍රෝන්ස්
විශිෂ්ටතම සහය රංගන ශිල්පිනිය : ජුලියා ගානර් - ඔසා(z)ර්ක්
විශිෂ්ටතම අධ්‍යක්ෂණය : ජේසන් බේට්මන් - ඔසා(z)ර්ක්
විශිෂ්ටතම තිරරචනය : ජෙස් ආම්ස්ට්‍රෝන්ග් - සක්සෙෂන්
සීමිත කොටස් ගණනකින් යුත් ටෙලි මාලා හෝ චිත්‍රපට
විශිෂ්ටතම ටෙලි මාලාව : චර්නොබිල් (HBO)
විශිෂ්ටතම රංගන ශිල්පියා : ජැරල් ජෙරොම් - වෙන් දේ සී අස්
විශිෂ්ටතම රංගන ශිල්පිනිය : මිෂෙල් විලියම්ස් - ෆොස්/ වර්ඩන්
විශිෂ්ටතම සහය රංගන ශිල්පියා : බෙන් විශෝ - අ වෙරි ඉංග්ලිෂ් ස්කැන්ඩල්
විශිෂ්ටතම සහය රංගන ශිල්පිනිය : පැට්‍රීෂියා ආර්කෙට් - ද ඇක්ට්
විශිෂ්ටතම අධ්‍යක්ෂණය : ජොහාන් රෙන්ක් - චර්නොබිල්
විශිෂ්ටතම තිරරචනය : ක්‍රේග් මසින් - චර්නොබිල්
ප්‍රහසන ටෙලි මාලා
විශිෂ්ටතම ටෙලි මාලාව : ෆ්ලීබෑග්
විශිෂ්ටතම රංගන ශිල්පියා : බිල් හාඩර් - බැරී
විශිෂ්ටතම රංගන ශිල්පිනිය : ෆීබී වොලර් - ෆ්ලීබෑග්
විශිෂ්ටතම සහය රංගන ශිල්පියා : ටෝනි ෂැල්හූබ් - ද මාවල්ස් මිසිස් මේසල්
විශිෂ්ටතම සහය රංගන ශිල්පිනිය : ඇලෙක්ස් බෝර්ස්ටන් - ද මාවල්ස් මිසිස් මේසල්
විශිෂ්ටතම අධ්‍යක්ෂණය : බැරී බ්රැඩ්බියර් - ෆ්ලීබෑග්
විශිෂ්ටතම තිරරචනය : ෆීබි වොලර් - ෆ්ලීබෑග්
විශිෂ්ටතම රූපවාහිනී චිත්‍රපට
විශිෂ්ටතම රූපවාහිනී චිත්‍රපටය : බ්ලැක් මිරර්, බැන්ඩර්ස්නැච්
https://mirrorarts.lk/news/5820-emmy-awards-190923#sigProId85a8f3e80e