ත්‍රාසය, භීතිය රැගත් “නිහඬ සෙවනැලි” වැඩ නිමයි
ටවුමේ ඉස්කෝලේ චිත්‍රපටය ඔස්සේ අධ්යක්ෂණයට පිවිසි සුනිල් ප්‍රේමරත්නගේ තුන්වැනි සිනමා නිර්මාණය වන්නේ “නිහඬ සෙවනැලි” ය. එය පරිසරයට සහ සොබාදහමට දැඩිව ආදරය කරන වනජීවී නිළධාරියෙක් වටා ගෙතුණු ත්‍රාසය, භීතිය පිරි හොල්මන් චිත්‍රපටය කි.
පුබුදු චතුරංග, රොෂාන් රණවන, මාෂි සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, ධනංජි තාරුකා, මීනා කුමාරි වැනි ප්‍රවීන රංගන ශිල්පින්, ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය සපයා ඇති මෙම සිනමාපටයේ සම තිරරචනය හරිත් වාසල සහ සුනිල් ප්‍රේමරත්න විසිනි.
කේ.ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂණයෙන් ද, උපුල් නිශාන්ත නිශ්චල ඡායාරූපකරණයෙන් ද, දර්ශන වික්‍රමතුංග සංගීතයෙන් ද “නිහඬ සෙවනැලි” සඳහා දායකත්වය ලබා දී ඇත.
ජානක රංචාගොඩ නිෂ්පාදනයක් වන “නිහඬ සෙවනැලි” එළඹෙන වසරේ මුල දී තිරගත කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බව එහි අධ්යක්ෂවරයා දැනුම් දෙයි.
පෝස්ටර් නිර්මාණය : ප්‍රදීප් ප්‍රේමලාල්