තහනම් ආඥාව ඉල්ලා අස් කර ගැනීමට හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් කටයුතු කර ඇතයි 'උසාවිය නිහඬයි' චිත්‍රපටය වෙනුවෙන් පෙනි සිටින නීතිඥ ජනක එදිරිසිංහ මහතා මිරර් ආර්ට්ස් වෙත පවසා සිටියේය.
මේ හේතුවෙන් 'උසාවිය නිහඬයි' චිත්‍රපටයට තිබු අතුරු තහනම මෙන්ම ස්ථිර තහනමත් ඉවත්කර ඇතැයි ද මේ වන විට අධිකරණය හමුවේ පවතිනුයේ හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් ගොනු කරන ලද මුලික නඩුව බවත් නීතිඥවරයා පවසා සිටියේය.
පැමිණිල්ල ඉදිරිපත් කරමින් හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක චෝදනා කළේ මෙම චිත්‍රපටය තිරගත වුවොත් තමාටත් මෙරට අධිකරණ පද්ධතියටත් විශාල කැළලක් සිදුවන බවයි.
එසේම ලෙනින් රත්නායක විසින් ඒම නඩුව සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍යය’ බවද අධිකරණට දන්වා ඇත.
ඉහත තත්ත්වය තුළ ලෙනින් රත්නායක ගෙන් චිත්‍රපටයේ කීර්තිනාමයට සිදුවූ හානිය සහ එමගින් සිදුවූ අලාභය යන කරුණු කිහිපයක් යටතේ වන්දි ඉල්ලා ඇති බවද නීතිඥවරයා පවසා සිටියේය.
මෙම නඩුව මාර්තු 23 වනදා යළි කැඳවීම නියමිතය.