ස්ත්රීවාදී කෘතියකින් කළ ද.කොරියානු සිනමාපටයක් නිසා නැවතත් මතභේද
දකුණු කොරියාවේ ඉහළ අලෙවි වාර්තා තැබූ සහ මතභේදයට තුඩු දුන් නවකතාවක් ඇසුරින් නිර්මාණය කළ “Kim Ji-young, Born 1982” චිත්රපටය අද (23) දිනයේ සිට ප්රදර්ශනය ඇරඹිය.
Kim Ji-young, Born 1982 නම් නවකතාව ප්රකාශයට පත් කරන ලද්දේ 2016 දී වන අතර එහි පිටපත් මිලියනයකට අධික ප්රමාණයක් අලෙවි විය.
රැකියාව, පවුල් ජීවිතය සමබරව ගෙන යාමට උත්සහ දරන තරුණ කොරියානු කාන්තාවක් තම ජිවිතයේ විවිධ කාලවලදී ස්ත්රී පුරුෂ භාවය පදනම් කරගෙන මුහුණදෙන ගැටළු පිළිබඳ කතාවක් මෙයින් කියවේ.
Kim Ji-young යනු කොරියාවේ වඩාත් සුලබ නමක් වන අතර ඉන් ඕනෑම කොරියානු කාන්තාවක් නියෝජනය වේ.
එරට වැදගත්ම ස්ත්රීවාදී නවකතාවක් ලෙස අයෙක් මෙම කෘතිය පැසසුමට ලක් කළ ද ස්ත්රීවාදී විරෝධීන්ගෙන් ඊට එල්ල වුයේ විරුද්ධත්වය කි. Kim Bo-youngගේ අධ්යක්ෂණයක් වන “Kim Ji-young, Born 1982” සිනමාපටය ප්රදර්ශනය ආරම්භ කිරීම නිසා නැවත වතාවක් එවැනි විවාද මතුවෙමින් තිබේ.
රූපවාහිනී තිරරචිකාවක් වන Cho Nam-joo විසින් Kim Ji-young, Born 1982 කෘතිය රචනා කළේ තමන්ගේම ජිවිත අත්දැකීම් මුල් කරගනිමිනි. උපතේ සිට මව්පදවිය ලැබීම දක්වා තමන්ගේ කතාව කෘතිය මඟින් ඇය ගෙන හැර දක්වන්නේ ඇගේ මනෝචිකිත්සකවරයාගේ දෘෂ්ටිකෝණයෙනි.