මේ තුති කුසුම නිල්මිණිට සහ උදයන්තිට
අයෙක් යම් කලාවක් ප්‍රගුණ කිරීමට නම්, පරතෙරට යාමට නම් සතතාභ්‍යාසයේ යෙදිය යුතු ය. එහි අහුමුලු සොයා යා යුතු ය. ඒ හා බැඳී පවතින වෙනත් කලාවන් ගැන සොයා බැලිය යුතු ය. දැනුමින් සන්නද්ධ විය යුතු ය. ප්‍රවීන වේවා නවක වේවා තමන්ගේ ක්ෂේත්රය පිළිබඳව යාවත්කාලින විය යුතු ය. එසේ නොකරන තැනැත්තා බොල් වී ඇටයක් වැනි ය. ඇත්තේ පිට පොත්ත පමණි. ඇතුල හිස් ය. අද කලා ක්ෂේත්රවල බොහෝ දෙනෙක් අයත් වන්නේ මේ ගණයට ය. එය කණගාටුවට කරුණකි.
ඒ කෙසේ වෙතත් ඉහත ගණයට අයත් නොවන, කලා වැඩසටහන්වල සිනමා දැක්මවල නිරතුරුව දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් දෙදෙනෙක් ප්‍රවීන ලේඛක බුද්ධදාස ගලප්පත්තිගේ පැසසුමට ලක් වී තිබුණි. නිල්මිණි සිගේරා සහ උදයන්ති කුලතුංග මේ ශිල්පිනියන් දෙදෙනා ය. පසුගිය දිනවල පැවති සිනමා දැක්මවල්, පොත් එළිදැක්වීම්, වැඩමුළු ඇතුළු විවිධ කලා වැඩසටහන්වල නිතර දක්නට ලැබුණු නව පරම්පරාවේ නිළියක් වන උදයන්ති මෙහිදී විශේෂයෙන් ඇගයිය යුතු ය. ඒ යන්නන් වාලේ ඉදිරියට නොයා දැක්මක් සහිත ඉදිරි ගමනක් යාමට ඇය ගන්නා වෙහෙස නිසා ය.
“මේ තුති කුසුම නිල්මිණිට සහ උදයන්තිට
යුරෝපා චිත්‍රපට උලෙළ 2019 අවසන් වුණේ 21 වන දා. 19-21 දවස්වල පෙන්නපු චිත්‍රපට 9 න් 2 ක් හැර අනිත් චිත්‍රපට බලන්න යාන්තම් වෙලාව හොයාගත්තා. දුක හිතුණු කාරණේ තමයි, ඒ චිත්‍රපට බලන්න අපේ තරුණ පරපුරේ අධ්යක්ෂවරු (කිහිප දෙනෙක් හැරුනම) නළු නිළියො ඇවිල්ලා ඉන්නව දකින්න නොලැබීම. ඒ අයට මේ චිත්‍රපටවලින් ඉගෙනගන්න දෙයක් නැතුව ද එහෙමත් නැත්නම් මේ දවස්වල රූ ගත කරන මහා චිත්‍රපටයෙ (නොවැම්බර් 16 ප්‍රදර්ශනය කිරීමට නියමිත) වැඩ රාජකාරි නිසාද දන්නෙ නෑ එන්න බැරි වුණේ. චිත්‍රපට නිළියක් හිටියා, නිල්මිණි සිගේරා. අසන්ධිමිත්තාවල ඇගේ රඟපෑම විශිෂ්ටයි. මම ගිය දවස් කීපයෙම ඉඳ හිට දකින්න ලැබුණ නව පරම්පරාවෙ ටෙලි නාට්‍ය නිළියක් හිටියා.ඈ උදයන්ති කුලතුංග. ඇගේ ටෙලි නාට්‍ය රංගන අපූරුයි. අඩුම තරමින් නිල්මිණිලා, උදයන්තිලා මේ චිත්‍රපට බලන්න ආපු එක අනෝමලට, අනෝමා රාජකරුණට සතුටට කාරණාවක් .
කොහොම වුණත් මේ සටහන ලිව්වෙ නිල්මිණිල, උදයන්තිලා ගෙ පැමිණීම අගය කරන්නයි . මම අඳුනන්නෙ නැති වෙන නිළියො එහෙම ඇවිල්ල හිටිය නම් තරහ වෙන්න එපා. හිටිය නම් ඒ අයවත් අගය කරනවා.”