69 වන නිදහස් සමරු උළෙලේ පෙර පුහුණුවීම් හේතුවෙන් කොළඹ - ගාලුමුවදොර අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කර ඇති අතර මේ වන විට පෙර පුහුණුවීම් සිදුවෙමින් පවතිනවා.
මේ පිළිබඳ අශෝක හඳගම සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකරමින් සඳහන් කර ඇත්තේ මෙවැන්නකි.
‘’ ගාලු මුවදොර අහස ද මුහුද ද කළඹමින් fighter jets වගයක් ( Kaffir ද කියන්න නම් මං දන්නේ නැහැ) සෙල්ලම් දානවා. රණබෙර තාලයට බිම ගැටෙන බූට් සද්දේට පොළව දෙදරනවා. එතකොටයි මතක් වුනේ අනිද්දා නිදහස් දවස කියලා. නිදහස සමරන්න නේද මේ ගර්ජනාව? ත්රිවිධ හමුදා ආචාර පෙළපාලි තිබුනත් අහස, මුහුද ගුගුරන මේ ගර්ජනා නැති නිදහස් සමරුවක් 2015 පෙබරවාරි 4 වෙනිදා නම් දැක්කා. අපි හිතුවේ ඊළඟ අවුරුද්ධ වෙනකොට අපි තවත් නිදහස් වෙයි කියලා. ඒත් අනේ මංදා. මිලිටරි පෙළහර වලින් තොරව සමරන්න පුළුවන් නිදහසක් අපට කවදා ලැබෙයි ද කියලා.’’
යනුවෙනි.