64 වැනි ඉන්දීය ජාතික චිත්රපට උලෙළේ දී සම්මාන දිනූ “ජෝකර්” ශ්රී ලංකා පුවත්පත් ආයතනයට
ශ්රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධාන කරනු ලබන චිත්රපට දැක්මක් සහ සංවාදයක් එළඹෙන ඔක්තෝබර් 30 වැනිදා පැවැත්වීමට නියමිත ය.
එදින පස්වරු 3 ට කිරුළ පාරේ පිහිටි ශ්රී ලංකා පුවත්පත් ආයතනයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරේ.
2016 දී නිෂ්පාදනය කළ “ජෝකර්” දමිළ සිනමාපටය එහිදී තිරගත කෙරන අතර එදින දේශනය සිනමාවේදී එන්. මනිවානන් විසිනි.
රාජු මුරුගන් තිරරචනා කොට අධ්යක්ෂණය කළ ‘ජෝකර්’ දේශපාලන ප්රහසනයකි. එය 64 වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උලෙළේ දී හොඳම දමිළ වෘතාන්ත සිනමාපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී. එසේම ප්රකට සිනමා උළෙල රැසක දී ‘ජෝකර්’ සම්මානයට පාත්ර විය.