J Lo ඇමරිකාවේ පාසලකට අවුරුද්දකට හරියන්න කෑම දෙයි
ප්‍රකට ගායිකා ජෙනිෆර් ලෝපේස් සහ ඇයගේ පෙම්වතා ඇලෙක්ස් රොද්‍රිගෝ ඇමරිකා එක්සත් ජනපද, ටෙනිසි ප්‍රාන්තයේ පාසලකට වසරකට සෑහෙන ආහාර ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
ජැක්ස්බොරෝ ප්‍රාථමික පාසලේ බ්රූක් ගොයින් ගුරුවරිය විසින් කුසගින්නෙන් පෙළෙන සිසුන් ගැන පළ කළ ෆේස්බුක් සටහනක් දුටු පසු ඊට පෙළඹුණු බවයි ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ. සාකච්ඡාවක් අතරතුර දී එක් දරුවෙක් තමන් කුසගින්නෙන් පාසල් එන බව පවසන අයුරු විස්තරාත්මකව ගුරුවරිය විසින් එහි සටහන් කර තිබෙනවා.
“ඒක දැක්ක වෙලාවේ මගේ ඇහැට කඳුළු ඉනුවා. මගේ විතරක් නෙවෙයි ඇලෙක්ස්ගේත්” යනුවෙන් ලෝපේස් පවසයි.
“රස, ගුණ ආහාර ලබාගන්න සියලු දෙනාටම අයිතියක් තියෙනවා. ඒ ගැන අහන්න ලැබුනම අපි හිතුවා අපි උදව් කරන්න ඕනෑමයි කියලා. ඒ වගේම, අපිට කරන්න ලැබුණු හොඳම දේවලින් එකක් තමයි මේ”