කලාකරුවන් අගයන “සුවඳ පද්ම” උපහාර සම්මාන උලෙළ එළඹෙන 10 වැනිදා
විශිෂ්ට රංගධරයකු, වේදිකා නාට්‍ය, සිනමා හා ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, ලේඛකයකු හා ක්ෂේත්රයට අදාළ දැනුම බෙදා දෙන දේශකයකු ලෙස හෙළ කලා කෙත පෝෂණය කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන්නා වූ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සභාපතීත්වයෙන් යුත් මිහිඳු සංස්කෘතික පදනම අටවන වරටත් පවත්වනු ලබන සුවඳ පද්ම උපහාර සම්මාන උලෙළ 2019 නොවැම්බර් මස 10 වන දින ප.ව. 3.00 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කලා ක්ෂේත්රයට සහ දේශයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ ජාතික තලයේ පුද්ගලයන් දෙදෙනෙකුට මූල්‍ය තිළිණ සමඟ සූසේවාභිමානී සම්මානයත්, කලාකරුවන් 16 දෙනෙකුට සුවඳ පද්ම උපහාර සම්මාන පිදීම හා කලාකරුවන් විසි දෙනෙකුට සුවඳ පද්ම රජත උපහාර සමඟ මූල්‍ය තිළිණ ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරේ.
මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උලෙළේ ආරාධිත දේශනය ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා විසින් පැවැත්වීමට නියමිතය.
සම්මානනීය සිනාමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය හා සම්මානනීය රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ යන මහත්මීන් සඳහා සුවිශේෂී මූල්‍යමය තිළිණ ප්‍රදානයක් සමඟින් ඇගයීමක් ද ඇතුළත් මෙම උත්සවයේදී දේශීය කලා කෙත පෝෂණය කිරීම සඳහා කැප වූ ලීල් ගුණසේකර, බන්දු ගුණරත්න, ගුණසිරි කොළඹගේ, අනුර හේමචන්ද්‍ර, සීලරත්න සෙනරත්, බුද්ධදාස ගලප්පත්ති, මිරැන්ඩා හේමලතා, හයිසින්ත් විජේරත්න, ධර්මසිරි බණ්ඩාරනායක, යශෝදා විමලධර්ම, සංගීතා වීරරත්න, මහේන්ද්‍ර පෙරේරා, හේමසිරි ලියනගේ, ජයලාල් රෝහණ, අනුලා විජේසුන්දර, එඩ්වඩ් ජයකොඩි යන මහත්ම මහත්මීන්ට සුවඳ පද්ම උපහාර පිදීම ද සිදු වේ.
මීට අමතරව තවත් කලාකරුවන් විසි දෙනෙකුට සුවඳ පද්ම රජිත සම්මානය සමඟ මූල්‍යමය තිළිණ ප්‍රදානයක් ද කලාව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කොට මිය ගිය ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් කෘතවේදී සම්මාන ඇගයීමක් ද මෙම උලෙළට ඇතුළත් වේ. මෙදින උත්සවය රංගන වින්‍යාසය සම්මානනීය නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහගෙනි.
විශාරද සුනිල් එදිරිසිංහ, විශාරද ජගත් වික්‍රමසිංහ, විශාරද නිරෝෂා විරාජිනී, මිත්‍ර කපුගේ, සංඛනී එදිරිසිංහ ඇතුළු ගායක ගායිකාවන් ගීත ගායනයෙන් ඒකාලෝක වන මෙම උපහාර උලෙළට ප්‍රවීණ නිවේදිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස් සමඟ ධනුෂ්ක ලක්මාල්, අනිෂ්ක යටවර, දිනුෂ කුඩාගොඩගේ නිවේදනයෙන් එක්වෙති.
සිළුමිණ