“අමරණිය රුක්මණී” උපහාර උලෙළ හෙට
අසහාය රංගනශිල්පිනි සහ ගායන ශිල්පිනි රුක්මණී දේවිය අනුස්මරණය කරනු වස් සංවිධාන කරන “අමරණිය රුක්මණී” උපහාර උලෙළ හෙට (28) දිනයේ පැවැත්වීමට නියමිත ය.
ඒ හෙට සවස 6 ට මරදාන ටවර් රඟහලේ දී ය.
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා අපමණ සේවයක් කළ මේ මහා කලාකාරිනිය අප අතරින් වියෝවී වසර 41 ක් පිරීම නිමිත්තෙන් මෙම උපහාර උලෙළ සංවිධාන කෙරෙන අතර 2000 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව එය සංවිධානය කෙරුණි. ඒ අනුව මෙවර “අමරණිය රුක්මණී” උපහාර උලෙළ පැවැත්වෙන්නේ 19 වැනි වරට ය.
ප්රවීන, ජනප්රිය රංගන ශිල්පින් ශිල්පිනියන් ද එදිනට ගායනයෙන් නර්තනයෙන් එක් වීමට නියමිත ය.