සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළ නියෝජනය කළ "ගාඩි"
දකුණු ආසියානු රටවල සිනමා නිර්මාණයන් උදෙසා සුවිශේෂී අවධානයක් ඇමෙරිකාව තුල ඇතිකරදීමේ අරමුණින් 2003 වර්ෂයේදී ඇරඹි සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළේ (San Francisco International South Asian Film Festival) 17 වෙනි අදියර පසුගිය 07 වෙනිදා සැන් ෆ්රැන්සිස්කෝහී නිව් පීපල් සිනමා පරිශ්‍රයේදී ආරම්භ විය. මෙහිදී මෙම වසරේ මෙම උලෙළ නියෝජනය කිරීමට එක් ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණයට අවස්ථාව හිමිව තිබූ අතර, ඒ අනුව ප්‍රසන්න විතානගේගේ "ගාඩි" සිනමාපටය ඊයේ සැන් ෆ්රැන්සිස්කෝහී ප්‍රකට ක්‍රැස්තෝ සිනමා ශාලාවේදී තිරගත කෙරුණි.
ඇමෙරිකානු මංගල දැක්ම ( American Premier) සනිටුහන් කරමින් උලෙළේ තිරගත වූ "ගාඩි" සිනමාපටය, සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළ නියෝජනය කළ 09 වෙනි ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය (Long Feature Film) විය. මීට පෙර තනි තටුවෙන් පියාඹන්න 2003 දී, සුළඟ එනු පිණිස 2006 දී, සංකාරා 2007 දී, සිරි රජ සිරි 2008 දී, අක්ෂරය- ගම්පෙරළිය-ඉගිල්ලෙන මාළුවෝ 2011 දී සහ ඔබ නැතුව ඔබ එක්ක 2013 දී උලෙළේ තිරගත කෙරුනි.
"ගාඩි" නියෝජනය කළ දෙවැනි අන්තර්ජාතික සිනමා උලෙළ මෙය වූ අතර , එහි ජගත් මංගල දැක්ම (World Premier) පසුගිය ඔක්තෝබර් මස දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී පැවැත්වුනි.
දිනාරා පුංචිහේවා, සජිත අනුත්තර, රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, දමයන්ති ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු යන රංගන ශිල්පින් ශිල්පීනියන්ගේ රංගනයෙන් හැඩවී ඇති 'ගාඩි' සිනමාපටය, ප්‍රසන්න විතානගේ තනිව අධ්‍යක්ෂණය කළ 08 වෙනි දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි