මෙවර ලෝක රූ රැජින තරගාවලියේ කිරුළ තමන් සතු කරගැනීමට ජැමෙයිකාව නියෝජනය කරමින් සහභාගී වූ 23 හැවිරිදි සුරූපිනිය, ටෝනි ඈන් සිං සමත් විය.
පසුගිය සෙනසුරාදා (14) පැවති අවසන් මහා තරගයේ දී ඇය ප්‍රකාශ කර සිටියේ කාන්තාවන් සහ ළමුන් උදෙසා තිරසාර වෙනසක් වෙනුවෙන් කැපවීම ඇගේ බලාපොරොත්තුව බව යි.
රැකියා ස්ථානවල සිදුවන ලිංගික හිංසන පිටුදකිමින් #MeToo වැනි ව්‍යාපාර ආරම්භ වී ඇති අද වැනි කාලයක රූ රැජින තරග පැවැත්වීමේ වැදගත්කම කුමක් ද? සහ කාන්තාවට සමාන අයිතිවාසිකම් ලබාදීම සහ ගෞරවය දැක්වීම පිළිබඳ විනිසුරු මණ්ඩලය යොමු කළ පැනයට සාර්ථකව පිළිතුරු දුන් ටෝනි ඈන් පැවසුයේ තමන් අත්කරගත් ජයග්‍රහණය සඳහා තමන්ට අඩුවෙන්ම බලපෑ අංගය වන්නේ “රූපය” බව යි.
69 වැනි වරට පැවැත්වුණු ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය ප්‍රංශ රූ රැජිනටත් තෙවැනි ස්ථානය ඉන්දීය රූ රැජිනටත් හිමිවිය.
2019 ලෝක රූ රැජින අවසන් මහා තරගාවලිය එක්සත් රාජධානියේ, ලන්ඩන් නුවර, එක්සෙල් රඟහලේ දී පැවැත්වුණි.