“වම් ඉවුරේ සිනමාවලෝකනය” 17 වැනිදා තරංගනීයේ දී
රසිත වීරවික්‍රමගේ අධ්‍යක්ෂණයක් වන “වම් ඉවුරේ සිනමාවලෝකනය” වාර්තා චිත්‍රපටය දෙසැම්බර් 17 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
ඒ එදින පස්වරු 6ට යි.
එදින සංවාද දායකත්වය සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි, රංගන ශිල්පිනි ස්වර්ණා මල්ලවආරච්චි, සංස්කරණ ශිල්පී රවින්ද්‍ර ගුරුගේ, සිනමාවේදී ප්‍රසන්න විතානගේ, නර්තනාචාර්ය රවිබන්දු විද්‍යාපති, සිනමාවේදී බූඩි කීර්තිසේන, සිනමාවේදී ප්‍රසන්න ජයකොඩි විසිනි.
වැඩසටහන මෙහෙයවන්නේ රංගනවේදී ඩබ්ලිව් ජයසිරි ය.
සිනමා දැක්ම හා සංවාදයට එක්වන ඔබ එදින පස්වරු 5.45ට පෙර සිනමාශාලාවේ අසුන්ගන්නා මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.