චීන චිත්රපට දැක්මක් හෙට සිට තරංගනීයේ දී
ශ්රී ලංකා චීන තානාපති කාර්යාලය සමඟ ජාතික චිත්රපට සංස්ථාව එක්ව පවත්වනු ලබන විශේෂ චීන චිත්රපට දැක්මක් හෙට (23) දිනයේ දී ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
5 වැනි වරට සංවිධානය කරනු ලබන මෙම සිනමා ප්රදර්ශනය 26 වැනිදා දක්වා දින තුනක් පැවැත්වීමට නියමිත ය.
අ ජර්නි ටු ද සී සයිඩ්, ද ග්රේට් වෝල්, එක්ස්ට්රාඕඩිනරි මිෂන්, ස්කිප්ට්රේස්, ද වන්ඩරින්ග් අර්ත් සහ ඇනිමල් රෙස්කියු ස්කොඩ් එහිදී ප්රදර්ශනය කෙරෙන සිනමාපට වේ.
එම කාලසටහන පහතින්,
“අ ජර්නි ටු ද සී සයිඩ්” ජනවාරි 23 වැනිදා පස්වරු 6ට
“ද ග්රේට් වෝල්” ජනවාරි 24 වැනිදා පස්වරු 6ට
“එක්ස්ට්රාඕඩිනරි මිෂන්” ජනවාරි 25 වැනිදා උදැසන 10.30
“ස්කිප්ට්රේස්” ජනවාරි 25 වැනිදා පස්වරු 2ට
“ද වන්ඩරින්ග් අර්ත්” ජනවාරි 25 වැනිදා පස්වරු 6ට
" ඇනිමල් රෙස්කියු ස්කොඩ්” ජනවාරි 26 වැනිදා උදැසන 10ට
චිත්රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ නොමිලේ පැවැත්වෙන මෙම චිත්රපට දැක්මට එක්වන මෙන් ඇරයුම්!