ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ 2019 රචිත පොත් මිලදී ගැනීම ඇරඹේ
නවක ලේඛකයන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන් විසින් රචනා කර ඇති පොත් මිලට ගැනීමේ වැඩසටහනක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති බව රජයේ නිළ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ නවකතා, කෙටිකතා, ළමා සාහිත්‍ය, සංගීතය, නර්තනය, නාට්‍ය, සිනමා, ජන මාධ්‍ය, සංස්කෘතිය හා කලාව, ආගමික, සංස්කෘතික හා ජනශ්රැති, ජායාරූප හා චිත්‍ර කලාව, ශාස්ත්‍රීය පර්යේෂණ හා විචාර ඇතුළු විවිධ විෂයන්ට අදාලව 2019 වසරේ ප්‍රකාශිත කෘති තෝරා ගැනීමට නියමිත ය.
ග්රන්ථ සමීක්ෂණ උපදේශක මණ්ඩලයේ ඉහළම ලකුණු ලබා ගන්නා ප්‍රමුඛතාව සහ එම වසර සදහා වෙන්වී ඇති ප්‍රතිපාදන අනුව මෙම පොත් මිලදී ගැනීම සිදු කෙරෙන අතර අප්‍රේල් මස 30 වන දිනට පෙර ආධාර ලබාදිය යුතු ග්රන්ථ තෝරා ගැනීම සිදු කෙරේ. එසේම කෘතීන් මිලදී ගනු ලබන්නේ කෘතියේ සඳහන් කර ඇති මිලෙන් 20% ක වට්ටමකට යටත්ව බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 15 වැනිදායින් අවසන් වේ.
මේ පිළිබද වැඩි විස්තර දිස්ත්‍රික් /ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංස්කෘතික නිලධාරීන්ගෙන්, www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ඇමතීමෙන් දැන ගත හැකි ය. (0112882667)