“මුස්ලිම් ජාතිකයෙක් විදියට ඉන්දියාවේ ඉන්න බෑ කියලා තේරුණේ අවුරුදු 70කට පස්සේ” - නස්රුදීන් ශා
මුස්ලිම් ජාතිකයෙක් ලෙස ඉන්දියාවේ විසිය නොහැකි යැයි වසර 70 කට පසුව තමන්ට වැටහුණු බව 69 හැවිරිදි සම්මානිත, ප්‍රවීන බොලිවුඩ් නළු නස්රුදීන් ශා ප්‍රකාශ කර තිබෙනවා.
“The Wire” වෙබ් අඩවිය සමඟින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී ඔහු මෙම අදහස් පළ කර ඇත.
ඉකුත් වසරේ දෙසැම්බරයේ කරළියට පැමිණි මතභේදාත්මක සංශෝධිත පුරවැසි පනත නිසා ඉන්දියාවේ පැනනැගී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳ තමන් දැඩි ලෙස කණගාටුවට පත්වන බව නස්රුදින් ශා පවස යි. එසේම මුස්ලිම් අනන්‍යතාවය පිළිබඳ තමන් බියට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
මෙවැනි සංවේදී කාරණාවක් සම්බන්ධයෙන් බොලිවුඩයේ දැවැන්තයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තමන් මවිතයට පත් කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් නස්රුදීන් ශා පවසා ඇත.