"විෂම භාග" ජයිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේ තිරගත වේ
ජනවාරි 17 සිට 21 දක්වා ඉන්දියාවේ ජයිපූර් නගරයේ පැවති 12 වෙනි ජයිපූර් අන්තර්ජාතික සිනමා උලෙළ (Jaipur International Film Festival) නියෝජනය කිරීමට ලලිත් රත්නායක අධ්යක්ෂණය කළ "විෂම භාග" සිනමාපටය සමත්විය. දීර්ඝ වෘත්තාන්ත සිනමාපට සදහා වෙන්වූ තරගකාරී අංශය ( Feature Fiction Competition) යටතේ එය පසුගිය 21 වෙනිදා ජයිපූර් උලෙළේ තිරගතවිය. 2009 වසරේදී ආරම්භ වූ ජයිපූර් අන්තර්ජාතික සිනමා උලෙළේ ශ්රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් තිරගත වූ තෙවන අවස්ථාව මෙය විය. මීට පෙර 2013 වර්ෂයේදී සංජය නිර්මාල්ගේ "ස්වර" සහ 2019 වසරේදී සුමති සිවමෝහන්ගේ "පුත්තු සහ පියවරු" යන සිනමාපට ජයිපූර් උලෙළේ තිරගතවූ අතර, එහිදී එම සිනමාපට සම්මානයෙන් ද පිදුම් ලැබීය. අන්තර්ජාතික සිනමා තරග උලෙළයන් (Festivals of International Film Competitions) සහ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළයන් (Festivals of International Film Awards) බොහෝමයක් නියෝජනය කිරීමට "විෂම භාග" සමත්ව තිබුන ද, එය අන්තර්ජාතික සිනමා උලෙළක් (International Film Festival) නියෝජනය කරමින් එහි තිරගත වූ සිව්වන අවස්ථාව ජයිපූර් උලෙළේ දී සටහන් විය.
"විෂම භාග" මෙතෙක් තිරගත වූ අන්තර්ජාතික සිනමා උලෙළයන්..
(1) Asian New Talent Award Competition: 22 වෙනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උලෙළ - චීනය, 2019
(2) Out of Competition Feature: 02 වෙනි බෙනින් සිටි සිනමා උලෙළ- නයිජීරියාව, 2019
(3) Soul of Asia: 50 වෙනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ- ඉන්දියාව, 2019
(4) Feature Fiction Competition: 12 වෙනි ජයිපූර් අන්තර්ජාතික සිනමා උලෙළ- ඉන්දියාව, 2020
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි