“සුනාමි” චිත්‍රපටය අධිකරණයට
මේ වනවිට දිවයින පුරා සිනමාශාලා හි ප්‍රදර්ශනය කෙරෙන “සුනාමි” සිනමාපටයට අදාලව ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.
“සුනාමි” සිනමාපටය ලියා අධ්‍යක්ෂණය කළ ආචාර්ය සෝමරත්න දිසානායක, නිෂ්පාදිකා රේණුකා බාලසුරිය, සිනේ ෆිල්ම්ස් ලංකා (පෞද්) සමාගම විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ “සුනාමී” චිත්‍රපටයට හා එහි නිර්මාණකරුවන්ට අපහාස වන අයුරින් සමාජ මාධ්‍යජාලා හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවන පිරිසකට එරෙහිව ය.
පසුගිය 27 වැනිදා ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරු චන්දිමා ප්රභාකුමාරි දෑල ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබු අතර එහිදී විත්තිකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
එම නියෝගය 2020 පෙබරවාරි 10 දක්වා බලපැවැත්වෙන අතර එදින නැවත නඩුව විභාග කිරීමට නියමිත ය.
ජනවාරි 27වන දින ගල්කිස්ස දිසා අධිකරණය මගින් නිකුත් කරන ලද වාරණ නියෝගයේ පිටපතක් පහත දැක්වේ