“මාරම්බරී” දස වර්ෂ පූර්ණ ප්‍රසංගය කල් යයි
විශාරද එඩ්වඩ් ජයකොඩිගේ “මාරම්බරී” ඒක පුද්ගල ප්‍රසංගයේ දස වර්ෂ පූර්ණය අද (31) දිනයේ සවස 6.45ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, නොවැළක්විය හැකි හේතුවක් නිසා ප්‍රසංගය කල් දැමීමට සිදුව ඇතැයි සංවිධායක මණ්ඩලය ඊයේ දින නිවේදනය කර තිබෙනවා.
රටෙහි වත්මන් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන, එවැනි වාතාවරණයක් යටතේ ප්‍රසංගයක් පැවැත්වීම අනුචිත හෙයින් මෙම තීරණය ගෙන ඇති බව යි සඳහන් වන්නේ.
ඒ අනුව, “මාරම්බරී” දස වර්ෂ පූර්ණ ප්‍රසංගය එළඹෙන අප්‍රේල් මස 5 වැනිදා සවස 6.45ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වෙනු ඇත.
සිදුවූ අපහසුතාවය පිළිබඳ කණගාටුවට පත්වන බවත් මිලදී ගත් ප්‍රවේශ පත්‍ර මීළඟ ප්‍රසංග දිනට වලංගු බවත් සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.