"අසන්ධිමිත්තා" ඉන්දියාවේ ඔරංගාබාද් අන්තර්ජාතික සිනමා උලෙළේ තිරගත වේ
පෙබරවාරි මස 05 වෙනිදා සිට 09 වෙනිදා දක්වා ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ ඔරංගාබාද් නගරයේ පැවැත්වෙන 07 වෙනි ඔරංගාබාද් අන්තර්ජාතික සිනමා උලෙළ (Aurangabad International Film Festival) නියෝජනය කිරීමට අසෝක හඳගම අධ්යක්ෂණය කළ "අසන්ධිමිත්තා" සිනමාපටය සුදුසුකම් ලබා ඇත. ඒ අනුව "ඒෂියන් බෙස්ට්" (Asian Best) නම් වූ තරගකාරී නොවන අංශය යටතේ, එළඹෙන 06 වෙනිදා (ප.ව 12.15 ට) සහ 09 වෙනිදා (ප.ව 2.15 ට) යන දෙදින තුල "අසන්ධිමිත්තා" උලෙළේ දී තිරගත වේ.
2014 වසරේදී සමාරම්භය සනිටුහන් කළ ඔරංගාබාද් අන්තර්ජාතික සිනමා උලෙළේ ශ්රී ලාංකේය සිනමාපටයක් තිරගතවන දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර 2019 වසරේ පැවැති 06 වෙනි අදියරේදී සෝමරත්න දිසානායක අධ්යක්ෂණය කළ "අන්ඩර්පෑන්ට්ස් තීෆ්" (Underpants Thief) සිනමාපටය "ඒෂියන් බෙස්ට්" අංශය යටතේ තිරගත විය.
2018 වසරේදී දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළෙන්, අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය ආරම්භ කළ "අසන්ධිමිත්තා" සිනමාපටය තිරගතවන වන 08 වෙනි අන්තර්ජාතික සිනමා උලෙළ ඔරංගාබාද් වේ.
"අසන්ධිමිත්තා" මෙතෙක් තිරගත වූ අන්තර්ජාතික සිනමා උලෙළයන්..
(1)."A Window on Asian Cinema"- 23rd Busan IFF, South Korea - 2018
(2)."International Competition" - 22nd Tallin Black Nights FF, Estonia- 2018
(3)."Asian Competition" - 11th Bengaluru IFF, India- 2019
(4)."Competition" - 14th Osaka Asian FF, Japan- 2019
(5)."Official Selection"- 5th Jaffna IFF, Sri Lanka- 2019
(6). "International Film"- 28th China Golden Rooster & Hundred Flowers FF, China- 2019
(7)."Asian Perspective"- 14th Jogja-Netpac Asian FF, Indonesia- 2019
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි