සුපිරි නළු සූර්යා රංගනයෙන් දායකවන සිංගම් 03 චිත්‍රපටය ප්‍රථමවරට අද දිනයේදී ප්‍රදර්ශනය වුණා.
සිංගම් නැරඹීම සඳහා විශාල පිරිසක් සිනමාහල්වලට පැමිණ ඇති බවයි මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ.
මෙලෙස සිනමාහලට පැමිණි එක් පුද්ගලයෙක් එය තිරගතවන අවස්ථාවේදී ෆේස්බුක් හරහා සජීවීව අන්තර්ජාලයට එකතු කර තිබෙනවා.
එය විශාල පිරිසක් නරඹා ඇති අතර මේවනවිට එය ඉවත් කරන්නට කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා සඳහන් කර තිබෙන්නේ නැවත මෙවැනි දෙයක් සිදුවුවහොත් අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.