ඊයේ දින 08වෙනි දින පාර්ලිමේන්තුව අමතමින් රංගන ශිල්පී උද්දික පේ‍්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතා කළා . එහිදී ඔහු කතා කරමින් පැවසුවේ දේශීය ගොවියන්ව දිරිගැන්වීම උදෙසා ඔහු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ බවයි.එය ක්‍රියාවට නැංවීමේ පළමු අදියර ලෙස පාර්ලිමේන්තුවේ සියළු දෙනා සඳහා පරිප්පු වෙනුවට බඩඉරිගු කෑමට තමා සැළසූ බවයි. උද්දිකගේ එම කතාව පහතින්
"මම ලංකාවේ ජනප්‍රිය දක්ෂ නළුවෙක් උනාට මගේ ගම දුෂ්කර අනුරාධපුර ප්‍රදේශය.ඒකට සාක්ෂි තියෙනවා. එහෙ වතුර බිව්වහම දත් කහපාට වෙනවා. මගෙත් දත් කහපාට වෙලයි තියෙන්නේ. ඒ වගේම මගේ අත කරගැටවලට බොහොම හුරු අතක් මයි මට තියෙන්නේ.මම අද වැඩ පිළිවෙලක් ආරම්භ කරා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. මම අද අනුරාධපුරෙන් බඩඉරිගු කිලෝ දහයක් ගෙනාවා.අපි අද දවල්ට උයලා කෑවෙ පරිප්පු වෙනුවට බඩ ඉරිගු.මේ රටට අපි පරිප්පු කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනවාද නමුත් පරිප්පු වලට වඩා ඉතා රසයි ගුණයි අපේ රටේ බඩඉරිගු වෑංජනයක් විදිහට පාවිච්චි කරන්න පුළවන්.අද අපි සියළු දෙනාම කෑවේ පරිප්පු නෙමෙයි බඩඉරිගු ඒ දේශීය ගොවියා නගා සිටවීමේ වැඩ පිලිවෙල තුළ අපි කරපු ක්‍රියා මාර්ගය මම හිතන්නේ මේ වලොවේ මුළු රටම රට හදන ආකල්පයේ ඉන්නේ මම හිතනවා නියෝජ්‍ය කතානායක තුමණි හැදෙන්ට කව්රුත් නැහැ මේ රටේ. ඒ නිසා මම තීරණය කළා අපි හැදිලා ඉන්න ඔිනෙ කියලා ඒ නිසයි අද මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තේ දේශීය ගොවියා වෙනුවෙන් අපි බඩඉරිගු ආහාරයට ගන්න"