Sripathi Panditaradhyula Balasubrahmanyam එස්. පී.බාලසුබ්රමනියම් ලෝකයේ බොහෝ දෙනාගේ සංගීත රසවින්දනය තෘප්තිමත් කළ මහා ගායකයෙකු විය.ඔහු සංගීතඥයෙකි. හඩ කැවීම් ශිල්පියෙකි. නළුවෙකි. චිත්‍රපට නිෂ්පාදකයෙකි. ඔහුගේ ගී රස නොවිඳි අයෙකු නැත. ලාංකිකයින්ගේද නොඅඩු ආදරයක් ඔහු දිනා සිටි අතර ඔහු ලාංකිකයින්ගේද ජනප්‍රිය ගායකයෙකි.
කොවිඩ් 19 ආසාදනය වූ පසුගිය අගෝස්තු මාසයේ රෝහල් ගතවිය.කොවිඩ් වසංගතයෙන් මිය ගිය කලාකරුවන් අතරට ඔහුගේ නමද මේ වනවිට එක්ව තිබේ.
බාලසුබ්රමනියම් 1966 දෙැසම්බර් මාසයේ ඔහුගේ ප්‍රථම චිත්‍රපට ගීතය ගැයීය. ඉන් අනතුරුව ඔහු ඉන්දියවේ තෙළිගු කන්නඩ හින්දි මලයාලම් ඇතුළු භාෂා 16 කට නොවැඩි ප්‍රමාණයකින් 40,000ක් පමණ ගී ගායනා කොට ඇත.
ඔහු ඉන්දියානු ජාතික සම්මානය ඇතුළු පද්ම ශී‍්‍ර පද්ම භූෂණ යන සුවිශේෂී සම්මාන ලබා ඇති අතර ගායනය වෙනුවෙන් සම්මාන රැුසක් ලබාගෙන තිබේ.
ඔහු ජනප්‍රිය කමලා ශෂන් ගේ සිට ෂාරුක් ඛාන් දක්වා වූ සුවහසක් නළු වන් වෙනුවෙන් සිය හඩ ගායනයෙන් එක් කර ඇත. චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ ශාරුක් වෙනුවෙන් සිය හඩ නාමාවලි ගීතය ට ඒක්කර තිබිණී
තෙළිගු පවුලකට දාව 1946 ජූනි මස 04 දින උපත ලද ඔහු මිය යනවිට 74වැනි වියේ පසු විය.
ඔහුගේ හඩ සුවිශේෂීය. අමතක කළ නොහැක. සමාන කළ නොහැක.ඒ හඩ සදාකාලික තාරුණ්‍යයෙන් පිරී තිබේ ඒ නිසාම ඔහු තව වසර දස දහස් ගනණාවක් යන තුරු ඔහුගේ ගීත ලොවපුරා සිටින ගීත රසිකයින් රසවිඳිනු නිසැකය.
මිරර් ආර්ට්ස් බාලසුබ්රමනියම් නම් වූ ඒ අපූරු ගායකයාගේ අභාවය පිළිබඳව ශෝකය මෙලෙස සටහන් කරන්නෙමු.
අංජලී අංජලී පුෂ්පාංජලී ,රෝජා ....දෑස වසාගෙන අසන්න .ඒහඩ කොතරම් පේ‍්‍රමයෙන් පිරී ඇත්ද ඒ හඩෙහි විරහව නොතරම්ද එදත් අදත් හෙටත් එ හඩ රසවිඳිය හැක