මොරටුවේ කුරේලාගෙන් ප්‍රසිද්ධම කුරේ බවට පත්වූයේ ටෙනිසන් කුරේය. ඔහු වේදිකා සිනමා සහ රූපවාහිනී යන ක්ෂෙත්ර තුනෙහිම සිය රංගන හැකියාවන් ප්‍රකට කළ රංගවේදියෙකි. ලාංකේය සිනමාවේ මන්ප්පුවාගේ චරිතය සහ එය රගපෑ එඩී ජයමාන්නගේ සිට දොන් සිරිසේන, ප්‍රෙඩී සිල්වා සහ ඇනස්ලි, බර්ටි ,සැමුවෙල් යන හාස්‍යෝත්පාදක චරිත රංගනනය කළ නළුවන් අතරට ටෙනිසන් කුරේ නම්වූ රංගන ශිල්පියාද එක්විය.
1952 අප්‍රියෙල් 30දා මෙලොව එළිය දුටු ටෙනිසන් මියයන විට අවුරුදු 68කි. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පසුගිය දිනක රෝහල් ගත කරනු ලැබූ බව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය විය. කෙසේ වුවද ඔහු අද 28වන දින කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිද්දී ම මියගොස් තිබේ.
ටෙනිසන් නම් වූ රංගන ශිල්පියා සිනමාවේ ප්‍රෙඩී සිල්වාගෙන් පසු හාස්‍යෝත්පාදක චරිත රංගනයේ ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහු චිත්‍රපට අධ්යක්ෂවරයෙක් තිර රචකයෙක් සහ නිෂ්පාදකයෙක් ද වේ .
දිනේෂ් ප්‍රියසාද් ගේ පෙරළිකාරයෝ චිත්‍රපටයේ තිර රචනා කිරීම වෙනුවෙන් සම්බන්ධ වූ ටෙනිසන් ව එහි රගපෑමටද දිනේෂ් ප්‍රියසාද් තෝරාගනු ලැබීය. ඒ 1984දීය.ටෙනිසන් රංගන ශිල්පියෙක් ලෙස මුලින්ම එක්වන්නේ වේදිකාවටය. ඒ මොරටුව පල්ලියේ නාට්‍ය තුළිනි. ටෙනිසන් විසින් රචනා කරන ලද සිනමා තිරපිටපත් වනුයේ පෙරළිකාරයෝ, නොම්බර එකයි, සහ ඔබටයි ප්‍රියේ ආදරේ යන ජනප්‍රිය චිත්‍රපට හි තිර නාටකය.ඔහු චිත්‍රපට 60කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදී තිබේ.
හිස්වන තැන් ඒ හා සමානව පිරවිය නොහැක. ටෙනිසන් කුරේගේ හැකියාව ඔහුගෙන් හිස්වන හාසේයාත්පාදක සිනමාව ට හෙට දිනක කව්රුන් හෝ එනු ඇත. එහෙත් ටෙනිසන් කුරේ යනු ටෙනිසන් කුරේය.
ඔයුගේ රංගනය තුළින් මතුකළ හාස්‍යයට මේ රටේ බොහෝ දෙනා සිනාසෙන්නට ඇත. එහු පේ්රක්ෂකයන්ට දුන්නේ සිනහව සතුට ප්‍රමෝදය පමණි. ඒ නළුකමෙහි අගයයි.
ටෙනිසන් අසනීප ව වේදනාවෙන් අඩන්නට ඇතුවා විය හැකිය. එහෙත් ඔහුට හඩන්නට සිදුවූයේ තනිවමය. සිනහාවෙනවිට බොහෝ අය සිටියත් ...
කෙසේවුවද ඔහු ගේ ආත්මයට සුවපත් බව ප්‍රාර්ථනා කරමු.!!!
ටෙනිසන් කුරේ මහතාගේ අභාවය වෙනුවෙන් මිරර් ආර්ට්ස් සිය සෝකය මෙසේ පළකරන්නෙමු .!!!