මාලිනී ෆොන්සේකා ගේ පවුලෙන් සිනමාවට අවතීර්ණ වූ පළමු සහෝදරයා වන්නේ ආනන්ද ෆොන්සේකාය. ඒ රංගන ශිල්පියෙක් ලෙසින්ය. ආනන්ද, තිලක හා තිලකා චිත්‍රපටයේත් එයාදැන් ලොකු ළමයෙක්,ටිකිරා ,අනුපමා ,වසන්තයේ දවසක්, බට්ටි, අහිංසා ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක විය අනතුරුව ඔහු සහාය අධ්යක්ෂවරයෙක් ලෙස චිත්‍රපට 15ක පමණ කටයුතු කරන ලදී. ඒ අතර සංගීතා, හරියනකොට ඔහොම තමයි, රජ දවසක් වැනි චිත්රපටද වේ.
ආනන්ද වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ නිශ්චල ජායාරූප ශිල්පියෙකු ලෙසය. ඔහු වෘත්තීය ලෙස තෝරාගෙන තිබුනේ කැමරාවයි. ඒ සියළු කටයුතු අතර ඔහු උමයංගනා චිත්‍රපටය අධ්‍යක්ෂනය කරමින් චිත්‍රපට අධ්යක්ෂණයට ප්‍රවිෂ්ට විය. එම චිත්‍රපටයෙන් පසු ඔහු කෙම්මුර නමින් වෘතාතන්ත ටෙලි නාට්‍යක් අධ්‍යක්ෂණය කර එම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම අධ්යක්ෂවරයාට හිමි සම්මානයට ද හිමිකම් කීවාය.ගොළු කපුටා නමින් වෙිදකා නාට්‍යක් ද අධ්‍යක්ෂණය කරන ලදී.
1950 පෙබරවාරි22 ෆොන්සේකා පවුලට උපන් ඔහු එම පවුලේ පස්වැන්නා විය. ආනන්ද ට දරුවන් තිදෙනෙකි. රංගනවේදිනී සමනළී ෆොන්සේකා, සුරංග ෆොන්සේකා සහ අසංග ෆොන්සේකාය. රූකඩ පැංචි නවතම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය රගපානු ලබන කුෂන්‍යා ආනන්දගේ මිණිපිරියයි.
කලක සිට වකුගඩු රෝගයට ප්‍රථිකාර ලබමින් සිටි ආනන්ද ෆොන්සේකා මහතා 16 වන දින මාළිගාවත්ත වකුගඩු රෝහලේදී අභාවප්‍රාප්ත විය.මිය යන විට ඔහු 70 හැවිරිදි වියේ පසු විය.
ආනන්ද ෆොන්සේකා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 18 වන ඉරුදින කොළඹ බොරැල්ලේ කනත්තේදී සිදු කිරීමට නියමිතය. ඔහුගේ දේහය මේ වනවිට කැළණිය වෙදමුල්ලේ, ධර්මාලෝක මාවතේ, 52 A යන නිවසේ තැන්පත් කොට ඇත.
18 ව ඉරිදා ආගමික වතාවත් දහවල් 2.00ට පවත්වා දේහය පස්වරු තුනට නිවසින් බොරැල්ල කනත්ත වෙත රැගෙන ඒමට නියමිතය.
මිරර් ආර්ට්ස් ආනන්ද ෆොන්සේකා මහතාගේ අභාවය පිළිබඳ මෙසේ් සෝකය ප්‍රකාශ කරන්නෙමු.