තෛපොංගල් දිනය හෙට එනම් 14 දිනට යෙදී තිබේ. එම දිනය වෙනුවෙන් ලොව පුරා දමිල ජනතාව වෙත දකුණු ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන විජය රගපානු ලබන මාස්ටර් සිනමා නිර්මාණය ලොව පුරා ප්‍රදර්ශණය ආරම්භ කරණුයේ කොවිඩ් වසංගත අවධානම පහව නොගිය මොහොතකය.ජනවාරි මස 13දින ලංකාවේද මාස්ටර් තිරගතවීම ආරම්භ කරනු ඇත.විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් ප්‍රදර්ශණය කිරීම තාවකාලිකව අත්හිටුවා කොළඹ නගරයේ සිනමා ශාලා රැසක් දකුණු ඉන්දීය නළු විජය ගේ මාස්ටර් චිත්‍රපටය 13දින සිට තිරගතකිරීමට කටයුතු යොදා ඇත.
චත්‍රක් නැරඹීම සඳහා සාමාන්‍ය පේ්රක්ෂක පිරිසක් සිටි බව විමුක්ති ජයසුන්දර මිරර්ආර්ට්ස් වෙත පැවසීය .13 දින සිට දින 07ක කාලයක් පුරා කොළඹ නගරයේ සියලු සිනමා ශාලා සියල්ලෙහිම මාස්ටර් තිරගතවනු ඇත. එමෙන්ම සත් දිනකට පසු චත්‍රක් නැවත්ත් ප්රදර්ශණයවෙමින් තිබූ සිනමා ශාලාවේම චත්‍රක් ප්‍රදර්ශණය ඇරඹෙනු ඇත
මාස්ටර් චිත්‍රපටය සඳහා ඇති ඉල්ලුම පිළිබඳව ලේඛකයෙකු පර්යේෂකයකු වන උදිත ලක්මාල් කහඳවආරච්චි තැබූ සටහනක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් මිරර්ආර්ට්ස් උපුටා ගනුලැබ පහත පළ කරන්නෙමු
විශේෂත්වය වන්නේ කොළඹ නගර මධ්‍යයේ පිහිටි සියළුම සිනමාශාලා සහ සිනමා සංකීර්ණ උපරිම දර්ශන වාර ) සංඛ්‍යාවක් "මාස්ටර්" වෙනුවෙන් වෙන්කොට ඇති අවස්ථාවක PVR ලද ඉහළම ඉල්ලුමයි..