කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇද වැටෙමින් තිබූ දේශීය කර්මාන්තයන් අතර සිනමා කර්මාන්තය ප්රමුඛතාවක් ගන්නවා. කිසිඳු රජයක් සිනමා කර්මාන්තයේ උන්න්තිය වෙනුවෙන් යහපත් වැඩදායි ක්රමයක් ප්රථිපත්තියක් සකස්කර නැහැ. 2021 ට සිනමා කර්මාන්තයට වසර 74ක් .ලෝකයේ පිළිගත් සිනමා කරුවන් අතර අපගේ අධ්යක්ෂවරුන් කිහිප දෙනෙක්ම වෙනවා.
කන්ස් සිනමා උළෙලේ සම්මාණලාභී විමුක්ති ජයසුන්දර විසින් ඉන්දියාවේ බෙංගාලි චිත්රපටයක් ලෙසින් 2011 දී නිර්මාණය කරන ලද චත්රක් (බිම්මල්) සිනමා නිර්මාණය අද සිට ලංකාවේ සිනමා ශාලාවල ප්රදර්ශණය ආරම්භ කෙරෙනවා.
චත්රක් 2013 පෙබරවාරි 06 දින ප්රංශයේදී ප්රදර්ශණය ඇරඹුනත් ලංකාවේ ප්රදර්ශණය වන්නේ 2021 ජනවාරි මාසයේ 08වැනි දින සිටයි.
සිනමා කර්මාන්තයට වසර 74ක් පිරෙන්නට ආසන්න මොහෝතේ හෝ කොරෝනා වසංගත තත්ත්වය තුළ අනෙකුත් සියළු සේවා ආරම්භ කර තිබෙන මොහොතක සිනමා ප්රදර්ශණය චත්රක් සමග නැවත ආරම්භවීම සුබදායක වනු ඇත.
මැක්ස් ලයිට්- මොරටුව පෙ.ව 10.30
ඔසාකා ලයිට්- නිට්ටඹුව පෙ.ව 10.30
නිකාඩෝ කඩවත පෙ.ව 10.30
ස්කයි ලයිට්- මාතර පෙ.ව 10.30 රාත්රි 7.00
විස්ටා ලයිට්- ජාඇල ප.ව 1.30
නිව් ඉම්පීරියල්- කුරුණෑගල ප.ව 1.30
ඇමිටි ලයිට්- මහරගම ප.ව 1.30 රාත්රි 7.00
PVR ගෝල්ෆේස්- රාත්රි 7.30
චත්රක් සිනමානිර්මාණය බෙංගාලි බසින් ඉංග්රීසි උපසිරැසි සහිතව සිනමා රසිකයිනට නැරඹීය හැකිය.