විශාරද අමරසිරි පීරිස් මහතාට ප්‍රසංගයක මූදල් වංචාකර සංවිධායකන් පැන ගොස් ඇතැයි මිරර් ආට්ස් වෙත වාර්තා වේ.
ඊයේ 11 දින අනුරාධපුරේ ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයේ ‘උන්මාද සඳ’ නමින් මේ ප්‍රසංගය සංවිධායකර තිබුණි.
මේ සම්බන්ධයෙන් මිරර් ආර්ට්ස් වෙත අදහස් දැක්වූ අමරසිරි පීරිස් මහතා පවසා සිටියේ ප්‍රසංගයේ මුදල් ඒකතු කරගත් පසු සංවිධායකයෝ වංචනික ලෙස මූදල් නොගෙවා ඉවත්ව ගොස් තිබු බවයි.
එසේම තමන් වෙනුවෙන් ඉතා දුර බැහැරින් මෙම ප්‍රසංගයට පැමිණි අහිංසක මිනිසුන් උදෙසා නොමිලයේ ගීත ගායනා කරමින් අදාළ ප්‍රසංගය සිදුකිරීමට තම කණ්ඩායම විසින් කටයුතු කලබව ද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් අදාළ සංවිධායකයින් සම්බන්දයෙන් අනුරාධපුර පොලීසියට පැමිණිලක් සිදුකළ බවද ඔහු පවසා සිටියේය.
මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් සිදුවන බැවින් සංවිධායකයන් ගේ නම් සඳහන් කිරීමට නොහැකි බවදඒ මහතා මිරර් ආට්ස් වෙත පවසා සිටියේය.
එසේම නිල නොවන ආරංචිමාර්ග ලෙස වාර්තා වන්නේ අදාළ සංවිධායකයින් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ සංවිධායකවරයා ෆේස්බුක් හි ප්‍රකට සමාජ සේවා ක්‍රියාකාරිකයකු ලෙස හැසිරෙන තැනැත්තෙකු බවත් මීට ප්‍රථම පැල ව්‍යාපෘතියකටත් වංචා කර ඇති අතරපාසල් හදන මුවාවෙන්විදේශයන්හි වෙසෙන මිනිසුන්ගෙන් වංචා කිරීම් වැනි සිදුවීම් රාශීයක් සිදුකොට ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.