ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක 75 වැනි ජන්ම දිනය නිමිත්තෙන් වික්ටර් රත්නායක ප්‍රතිභා ප්රණාම සංසදය සංවිධානය කරන "වික්ටර් වජ්ර ප්‍රභා" ජන්ම සංවත්සර මියැසි ප්‍රසංගය පෙබරවාරි 18දා ප.ව.7ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
මෙම ප්‍රසංගයට සමගාමීව වික්ටර් රත්නායකගේ වෙබ් අඩවිය ඇරැඹීම, ඔහුගේ නවතම ගීත 12ක් ඇතුළත් ගීත සංයුක්ත තැටියක් එළිදැක්වීම මෙන්ම ඔහුගේ සංගීත මෙහෙවර විමර්ශනය කෙරෙන ශාස්ත්‍රීය ග්රන්ථයක් දොරට වැඩීමද මෙදින සිදු කෙරේ.
ශ්‍රාවකයන් අතර ජනාදරයට පත් "ස" ඒක පුද්ගල සංගීත ප්‍රසංගය හා වෙනත් ප්‍රසංගවලදී ගායනා නොකෙරුණු වික්ටර්ගේ ජනප්‍රියතම ගීත රැසක මිහිර විඳගැනීමට මේ ප්රසංගයේදී රසිකයන් වෙත අවස්ථාව උදා වේ. ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම ජයන්ත රත්නායකගෙනි.
ප්‍රසංගයේ ප්‍රවේශ
ටිකට්පත් ලබා ගත හැකි ස්ථාන
සරසවි-නුගේගොඩ, මහරගම, දෙහිවල
සදීපා-බොරැල්ල
සුරස-මරදාන
සලාකා-ඇස් වාට්ටුව
ටිකට් මිල ගණන්
Rs. 5000 | Rs. 3000 | Rs. 2000 | Rs. 1000 | Rs. 500
සබැඳි පුවත්
වික්ටර් වජ්ර ප්‍රභා ජන්ම සංවත්සර ප්‍රසංගය පෙබරවාරි 18