“අපි කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වයක් නැති ජීවිත අගය කරමු” යන්න තේමා කොටගෙන පෙබරවාරි 12 දායින් ඇරඹුනු තුන් දින කලා ප්‍රදර්ශනයක් මුලතිව්හිදී පැවැත්වේ.
සිංහල, දෙමළ හා මුස්ලිම් ශිල්පී නිර්මාණ එළිදැක්වෙන ප්‍රදර්ශනය මුල්ලියාවලෙයි විද්‍යානන්ද විද්‍යාල ශ්‍රවණාගාරයේ සංවිධානය කොට ඇත්තේ අවිහිංසා ජීවිත සඳහා කලාකරුවන් විසිනි.
කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි සියක් කෝටියක නැගිටීම (One Billion Rising) ගෝලීය ව්‍යාපෘතිය විසින් ලෝකය පුරා දියත් කරන ව්‍යාපාරයක අංගයක් ලෙස එය පැවැත්වේ.
සංවිධායකයෝ මෙසේ පවසති;
“ලෝකයේ කාන්තාවන්ගෙන් තුනෙන් පංගුවක් ප්‍රචණ්ඩතාවට මුහුණ පාති. මෙයින් අදහස් වන්නේ ලෝකයේ කෝටි තුන්සීයක කාන්තා ජනගහනයෙන් සියක් කෝටියක් ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳින බවයි. මෙය අති විශාල සමූහයකි. මෙයින් පෙනී යන්නේ කාන්තාවන්ටත් අන් සැමදෙනාටත් එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකයක් උත්කර්ෂයට නැංවීමේ අවශ්‍යතාවයි.”
මඩකලපුවේ කමලා වාසුකී සහ පී නිරන්ජන්, මුලතිව්හි පී නිරන්ජන් සහ එස් යශෝධරනි, වව්නියාවේ ගෞතමී, රත්නපුරයේ ෆාතිමා නජ්මියා, කුරුණෑගල එම්ටීපී රුක්ෂානා සහ අක්කරෙයිපත්තුවේ කේ මතීස්කුමාර් නිර්මාණයෙන් දායක වෙති.
-ගගන-