නිරෝෂන් විජේසිංහ වර්තමානයේ චරිතාංග නළුවන් අතරින් ඉදිරියෙන්ම සිටින ජනප්‍රිය නළුවෙක්. මේ නළුවාට ඊයේ (07) ගාල්ලේදී රංගගත කෙරුණ 'නරි බුරති' වේදිකාවේ ඉතාම සතුටු දනවන සිදුවීමක් වී තිබුණි.
ඒ මිහිර සිරිතිලක නළුවා විසින් නිරෝෂන්ගේ මව සහ පියා වේදිකාවට කැඳවා උපහාර දැක්වීමයි. එම වීඩියෝව නිරෝෂන් අද (08) සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබූ අතර එහි මූලාශ්රයද මෙහි පළ කර තිබේ. නිරෝශන්ගේ සටහන පහතින්,
"ගාල්ල 'හෝල් ද ගෝල්ඩ්' හි පැවත්වුණ නරි බුරති 2 - 3.30 දර්ශනය මගේ ජීවිතයේ කිසිදාක අමතක නොවන දර්ශනයක්. මිහිරගේ ආදරණීය හඬින් මගේ අම්මවත් තාත්තවත් නාට්‍ය දර්ශනය අවසානයේ රඟහල පිරුණ අත්පොලසන් අතරින් වේදිකාවට කැඳවා දැක්වූ උපහාරය ඒ ආදරය ඒ වාසනාවන්ත අවස්ථාව හැම කලාකරුවෙකුටම ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. ඒ මොහොත උදා වුණ දවසක ඔබේ ඇස්දෙක පිරෙන්න සතුට ගලද්දි දැනෙයි. ඒ මොහොත තරම් පොහොසත්, ඒ මොහොත තරම් වටිනා දවසක් තවත් අපේ ජීවිතවලට තියෙනවද කියල. ඒ තරම් අමිල අදහසකින් මාව පුදුම කෙරූ ආදරණීය සරත් කොතලාවලටත් මිහිර සිරිතිලකටත්, නරි බුරති නාට්‍ය කණ්ඩායමේ සුවඳ හමන හදවත් තියන මිනිස්කමින් පොහොසත් ඇත්තම කලාකරුවන්ට සහ සියලුම ශිල්පීන්ට මගේ මේ ආදරය හෙට දවස ලස්සන වෙන ආශිර්වාදයක්ම වේවා. ආදරණීය පුබුදු ඔබවත් ආදරෙන් මතක් කරනව. ඔබ එනකන් විල්බව මම ආදරෙන් බලාගෙන පරිස්සම් කරනව. රඟහලට පණ දෙන ජානක ඔබේ ආදරණීයකම සුන්දර හදවත වේදිකාවට මොනතරම් හයියක්ද.. නරි බුරති 2 ලංකාව පුරා ලොව පුරා පුදර්ශනය කරන්න වාසනාව ශක්තිය ලැබේවා.. 50 දර්ශනය මේ මස 15 දින පුංචි තියටර් එකේදි 3.30 සහ 6.30ටත් වේදිකාගත වෙනව. සරත් කොට්තලාවල ඇත්තටම නරි බුරති තුළින් මොකද්ද කියන්නේ කියල බලල හොඳට හිනාවෙලා, අපි ගැනම අඬල යන්න කොහොම හරි වෙලාවක් හදාගෙන එන්න. ඔබට ගොඩක් වටිනව කියල දැනෙයි ඒ දවස.. එදාට ආදරෙන් හම්බ වෙමු.. ජයවේවා...."