සැබෑ ජීවිතයේ මුඛරි හා දඟකාර යුවතියක වන ශෙහ්නාස් ගිල්ට රඟෑපමට බොහෝ විට හිමි වූයේ ඇයගේ චරිතයට ඉතා සමීප චිත්‍රපටවල පමණි.
මේ වන විට ඇයට අවශ්‍ය වී ඇත්තේ එම ඒකාකාරී බවින් මිදී සිය චරිතාංග හැකියාවන් අත්හදා බැලීමටය.
29 හැවිරිදි ශෙහ්නාස් පවසා ඇත්තේ චිත්‍රපට නිෂ්පාදකයින් බොහෝ විට සිය චරිතයට සමාන චරිත සමඟ ඇය වෙත ළඟා වන බවයි.
“පොතක් එහි කවරයෙන් මනින්න එපා, මාව හොඳින් කියවන්න. නිර්මාණකරුවන් මා ගැන යම් ආකාරයකට සිතනවා. ඔවුන්ට මගේ සැබෑ ආත්මය තිරයේ පෙන්වීමට අවශ්‍යයි කියායි මට හැඟෙන්නේ. නමුත් මට එවැනි භූමිකා පමණක් කළ නොහැකියි." යනුවෙන් ඇය පවසා ඇත.
"මට තිරයේ වෙනස් දෙයක් කරන්න ඕන. සිනමාකරුවන් අවදානම් අරගෙන මාව වෙනස් විදිහකට ඉදිරිපත් කරනවාට මම කැමතියි. මම ඒ වෙනුවෙන් කැප වීමට සහ සියල්ල කිරීමට කැමැතියි. මගේ දක්ෂතාවය මට විවිධ දේවල් කිරීමට අවස්ථාවක් ලබා දෙන බව මට විශ්වාසයි." යනුවෙන් ඇය පවසා ඇත.