ලෝකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද තලපති විජේගේ නවතම චිත්‍රපටය වන ලියෝ ඉන්දියාවේ චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලයේ වාරණ සහතිකය මෑතකදී ලබා ගත්තේය.
ඔක්තෝබර් 19 වනදා තිරගත වීමට නියමිත චිත්‍රපටය තිරගත වීමට පෙර සිටම ප්‍රේක්ෂක අවධානය ගෙන තිබේ.
කෙසේ නමුත්, පරුෂ වචන නිහඬ කිරීම බරපතල දර්ශන වෙනස් කිරීම ඇතුළු වෙනස්කම් 13ක් සඳහා මණ්ඩලය උපදෙස් දී ඇත.
දරුවන්ට දෙමාපියන්ගේ මගපෙන්වීම සහිතව පෙන්විය යුතු චිත්‍රපටයක් බවද ලියෝ ගැන කතබස් වේ.
තලපති විජේ, ට්‍රිෂා ක්‍රිෂ්ණන්, අර්ජුන් සර්ජා, ගෞතම් මෙනන්, මිස්කින්, ප්‍රියා ආනන්ද් සහ බොලිවුඩ් නළු සංජේ දත් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.