දකුණු ඉන්දීය සිනමාවේ කාර්යබහුලම නළුවෙකු වන සූරීයා සිවකුමාර් බොලිවුඩය තුළ කාර්යබහුල වන කාලය ළඟ බව ඉන්දීය පුවත් වාර්තා කරයි.
මෑතකදී මුම්බායි නවාතැනකට මාරු වූ බව කියන සූරියා 'රන්ග් දෙ බසන්ති' නිර්මාතෲ රාකේශ් ඕම් ප්රකාශගේ මීළඟ චිත්රපටියට සූදානම් වීම සඳහා මෙසේ එහි ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ මහාභාරතය පදනම් කරගත් නවතම චිත්රපටියේ ප්රධාන චරිතය භාර ගැනීමට බව පැවසේ.
සූරියා අනාගතයේදී බොලිවුඩ් චිත්රපටියක දකින බවට වන නිල වාර්තා 2024 මුලදී ප්රකාශ කිරීමට නියමිත බවද පැවසේ.