බොරැල්ල ජයරත්න ගෞරව නිවසේ සිට ඊයේ (10) රාත්රියේ 90/ඇ,58 වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත පිහිටි ජැක්සන් ඇන්තනිගේ නිවසට වැසි නොතකා ජනතාව පැමිණ තිබුණේ තමන් ආදරය කළ කලාකරුවාට බුහුමන් දැක්වීම පිණිසයි.
කලාකරුවන්, අසල්වැසියන්, හිතවතුන් ඇතුළු විශාල පිරිසක් ජැක්සන්ට අවසන් ගෞරව දැක්වීමට නිවසට පැමිණ තිබූ අතර බොහෝ දෙනෙකු හැඬූ කඳුළින් බුහුමන් දැක්වූ බව සහෝදර කලා ශිල්පීහු ඇතැමෙක් පැවසූහ.