රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ශෝක පණිවුඩයක් නිකුත් කරනු ලැබ තිබේ.
ජැක්සන් ඇන්තනී මහතාගේ ආගමානුකූලව ශුද්ධවූ බයිබලය උපුටා දක්වමින් ජනාධිපතිවරයා ශෝක පණිවුඩයෙන් පෙන්වා දී ඇත්තේ 'විනිශ්චය නොකරන්න. එවිට ඔබද විනිශ්චය කරනු නොලබන්නෙහිය. ඔබ දෙන විනිශ්චයෙන්ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහිය. ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ.' යනුවෙනි.
එසේම ජැක්සන් ඇන්තනි මහතාගේ කලා කුසලතා අතරින් අඩුවෙන් කතාබහට ලක් වූ ලේඛන හැකියාවද සඳහන් කර තිබූ ජනාධිපතිවරයා, 'කන්ද උඩ ගින්දර' ජැක්සන්ගේ නවකතාවේ දෙවැනි කොටස ලියන්නටද සිටි බව සිහිපත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ ශෝක පණිවුඩය පහතින්,