රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ භූමදානය සිදු වූ අද දින (12) බොහෝ කලා, මාධ්‍ය හිතවතුන් ඔහු පිළිබඳ අත්දැකීම් ප්‍රකාශ කර තිබුණ අතර මාධ්‍යවේදී ලසන්ත ද සිල්වාද ජැක්සන්ගේ දුර්ලභ ඡායාරූපයක් පළ කර තිබිණි. ඒ සමග පළ සටහනයි මේ.
"ජැක්සන් ඇන්තනී මහත්තයා මේ දණ නමා වඳින්නේ අපගේ අතිජාත මිත්‍ර නාට්‍යකරුවෙකු වන මොනරාගල නෙවිල් මහත්තයාට ය. හේ ඔහුගේ නාට්‍ය ගුරුවරයෙකු කීවද නිවැරදිය. ඉතා නිහතමානී අහිංසක මිනිසෙකු වන නෙවිල් මහත්තයා ගැන මම මින් ඉහත ලියා ඇත්තෙමි. පින්තූරය ගත්තේ සංජීව බණ්ඩාරගෙනි.
ජැක්සන් මහතා භූමදාන කළ බැවින් මේ පෝස්ටුවට අපහාස කතා සහ වෛරී කමෙන්ටු ලියන්න එපා. නෙවිල් මහත්තයා සහ ප්‍රියලාල්, මර්වින් සුදර්ශන් පියතුමන්ලා මා වෙනුවෙන් උපකාර කළ එවක මොනරාගල මීසමේ හිත හොඳ මිනිස්සුය. සුබසෙත් ගෙදර වාගෙම ඒ තැන්වල බෞද්ධ අපිටත් බත ඉදුණි."