ශ්‍රී ලාංකාවේ ඡායාරූප කේෂ්ත්‍රයේ ජනප්‍රිය හා පැරණිතම සන්නාමයක් වන 'නයින් හාට්ස්' සමූහ ව්‍යාපාරයේ අධිපති තිලක් ගොඩමාන්න මහතා සිය අභාවප්‍රාප්ත වී තිබේ.
2015දී ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති තනතුරට තේරී පත් වූ ගොඩමාන්න මහාතා ශ්‍රී ලංකා - බංග්ලාදේශ ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලයේ උප සභාපති, ශ්‍රී ලංකා චීන ව්‍යාපාර සහයෝගිතා කවුන්සිලයේ උප සභාපති සහ තවත් ව්‍යාපාරික කවුන්සිල කිහිපයක තනතුරු දැරූවෙකි.
ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ ඡායාරූප ශිල්පය පිළිබඳ වෘත්තීය පුහුණුව ලබා ඇති ඔහු ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සහ ශ්‍රී ලංකා ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේද සාමාජිකයෙකු විය.
තිලක් ගොඩමාන්න සම්මානලාභී 'බඹරු ඇවිත්' සම නිෂ්පාදක, 'පාර දිගේ' නිෂ්පාදන විධායක වූ අතර හෙතෙම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.