බොලිවුඩයේ සුපිරි නළු අමීර් ඛාන්ගේ අලුත්ම නිර්මාණය 'සිතාරේ සමීන් පර්' 2024 ජනවාරි මාසයේදී තිරගත වීමට නියමිත වේ.
ප්රහසනය චිත්රපටයක් වන මෙය නත්තල් සති අන්තයේදී ප්රදර්ශනයට පැමිණෙන බව නිෂ්පාදකයින් නිවේදනය කළ අතර එහි ප්රධාන නිළි චරිතය නිරූපණය කිරීමට තෝරාගෙන ඇත්තේ ජෙනීලියා දේශ්මුඛ්ය.
මෙම යුවල එක්ව රඟපාන පළමු චිත්රපටය මෙය වේ. ජෙනීලියා අමීර්ගේ පෙම්වතියගේ චරිතය රඟපානු ඇති අතර මීට පෙර ඇය ආමීර්ගේ නිෂ්පාදනයක් වන ජානෙ තු යා ජානෙ නා හි රඟපා ඇති නිසා මෙම නිර්මාණය සාර්ථක වීමට එය හේතුවක් වනු ඇති බව නිෂ්පාදකයින්ගේ විශ්වාසය වේ.